ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ Lyrics – W.D. අමරදේව ( Sinhala Unicode )

ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ Lyrics – W.D. අමරදේව ( Sinhala Unicode )


ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ

උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ

වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *