රන් දහදිය බිංදු බිංදු ඉසුරු සුවඳ රැන්දු රැන්දු Lyrics – W.D. අමරදේව ( Sinhala Unicode )

රන් දහදිය බිංදු බිංදු ඉසුරු සුවඳ රැන්දු රැන්දු Lyrics – W.D. අමරදේව ( Sinhala Unicode )


රන් දහදිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු …//
ගතිනි හලා
ගයමු රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු //
දෑතේ රන් වළලු දඟේ
ගෙල බැඳි රන් මාල අගේ
රන් ගොයමේ නෙළන නඟේ
සිරියාවයි රටට මගේ  …//
නෙළුම් කෙතේ ළන්දු ළන්දු
සොඳුරු කිඳුරු ළන්දු ළන්දු …//
දෙවි පිහිටෙන්
ගයමු රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු //
බුලතේ රත දුටිමි තොලේ
මට නොවෙදෝ මුකුළු ක‍ළේ
රන් ගොයමේ නෙළන ක‍ලේ
මන බැදුනා පබළු වැලේ …//
රන් දහදිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු …//
ගතිනි හලා
ගයමු රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *