වසන්තයේ මල් පොකුරු නෙළා – W.D. අමරදේව ( Sinhala Unicode )

වසන්තයේ මල් පොකුරු නෙළා – W.D. අමරදේව ( Sinhala Unicode )


වසන්තයේ මල් පොකුරු නෙළා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ//
අවසානේ ඔබ ආවා

ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා
ඔබගේ රුව මා දුටුවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *