සිහින නෙළුම් මල ජීවිත පොකුණේ – W.D. අමරදේව ( Sinhala Unicode )

සිහින නෙළුම් මල ජීවිත පොකුණේ – W.D. අමරදේව ( Sinhala Unicode )


සිහින නෙළුම් මල ජීවිත පොකුණේ
දෑස අබියස පිපී සැලේ
දෑස අබියස පිපී සැලේ
සිහින නෙළුම් මල ජීවිත පොකුණේ

තුන් යම ගත වූ ජීවිතයේ
අරුණළු නැගෙනා පභාතයේ //
අහස ඉසව්වෙන් ඔබ මා දුටුවේ
රිදී පහන් තරුවක් වාගේ
රිදී පහන් තරුවක් වාගේ

දෑස වසාගෙන මැදියම් යාමේ
යහනත වැතිරී නිදන වෙලේ //
කවියක් ලෙස ඔබ හදවත ගුලි වී
මා හද පිරිමැද අවදිකලා

මැදියම අවදි ව හැබැහින් දුටුවෙමි
පෙරයම නින්දේ දුටු සීනේ
එහෙත් සිහිනයක් වේ දෝ එය යළි
ජීවිතයේ අන්තිම යාමේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *