ශ්‍රී ලාංකික අපි හැමෝටම ප්‍රයෝජනවත් Guide Me App එක – සුපිරි හොදේ

ශ්‍රී ලාංකික අපි හැමෝටම ප්‍රයෝජනවත් Guide Me App එක 

Guide Me App Preview ඇප් එකේ නමෙන්ම මේ ඇප් එක මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන්.. මේ ඇප් එකත් හරියට Guide කෙනෙක් වගේ අපිට හැමදෙයක් ගැනම කියලා දෙනවා.. හැබැයි ටිකක් වෙනස්.. මේ ඇප් එක ඕපන් කරපු ගමන් පෙන්වන්නේ ඔයා අවට තියන ස්ථාන.. ඒ කියන්නේ කඩවල් , පන්සල් , දුම්රිය ස්තාන , පොඩි රවුමක් දාන්න යන තැන් වගේ තැන්.. අපිට මේ ඇප් එකෙන් ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ අපි නොදන්න නගරයකට වගේ ගිහාම.. අපි කියමු ඔයා පළවෙනි වතාවට යාපනයට ගියා කියලා , ඔයා බස් එකෙන් හරි කෝච්චියෙන් බැස්ස ගමන් ඔයා දන්නේ නෑ ඔයාට අවශ්‍ය කරන දේවල් තියන තැන්…මේ ඇප් එක තියනවනම් ඔයාට පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නම් නෑ.. මොකද මේ ඇප් එකේ පෙන්වන්නේ ඔයා ඉන්න තැන ඉදලා ඒ අවට , ලගම තියන දේවල්.. ඒ කියන්නේ සයිවර් කඩ , රෙස්ටූරන්ට් , බෑන්ක් , බස් නැවතුම් පොල , ආගමික ස්තාන , ඔයා අවට ඉන්න තැන් වලම තියන මේ වගේ ස්ථාන.. ඒ විතරක් නෙමේ මේ ඇප් එකේ තව විශේශාංග ගොඩක් තියනවා , ඒ වගේම ප්‍රයෝජන ‍රැසක් ගන්න පුලුවන්.. තවම මේ ඇප් එක ඇවිල්ලා දින කිහිපයයි.. ගොඩක් දෙනෙක් අතර ඉක්මනින් ශෙයා උනා මේ ඇප් එක.. මේ ඇප් එකට හැමදාම අලුතෙන් තැන් එකතු වෙනවා , සමහරවිට ඔයාලගේ ගෙවල් පැත්තේ දේවල් ඇප් එකේ නැතුව ඇති නමුත් ඉදිරියෙදී ඒවත් එක්වේවී.. එහෙම උනත් ගොඩක් නගර දැනටමත් මෙයාලා ආවරණය කරලා අවසන්, ඒක නිසා ගොඩක් ප්‍රයෝජනවත් මේ ඇප් එක.. තව දෙයක් කියන්න ඕනා , මේ ඇප් එකේ පළවෙනි නිකුත් කිරීම ඒක නිසා පොඩි පොඩි ප්‍රශ්න තියෙන්න පුලුවන් , ඒවා ගැනත් එයාලට දැනුවත් කරන්න.. මෙයාලගේ ඊලග අදහස තමයි ටැක්සි සේවාවත් ලබා දෙන්න.. ඒ කියන්නේ මේ ඇප් එකෙන්ම ලගදිම අපිට ත්‍රීවීල් එකක් උනත් හොයා ගන්න පුලුවන් වේචී.. ඒ වගේම අපි හැමෝටම සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයකුත් හදුන්වා දෙන්නලු ඉන්නේ.. මේ හැම දෙයක්ම නොමිලේ ලබා දෙන මේ ඇප් එක හැමෝටම කියන්න..ඔයත් දාගන්න..

මේ ඇප් එකෙන් ගන්න පුලුවන් ප්‍රයෝජන

Post Author: SupiriLk Team

3 thoughts on “ශ්‍රී ලාංකික අපි හැමෝටම ප්‍රයෝජනවත් Guide Me App එක – සුපිරි හොදේ

    Priyantha samarakoon

    (March 23, 2018 - 7:33 am)

    Verry good..

    Nilupul

    (March 25, 2018 - 3:05 pm)

    Ios app eka nedda

    Tharindu Rukshan Perera

    (March 26, 2018 - 1:22 pm)

    iPhone Valata nadda…?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *